News

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

මධ්‍යම කඳුකරය පුරා ඇද හැ‍ළෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් මේ වන විට විවෘත කර තිබේ.

පොල්ගොල්ල ජලාශයේ හැරවුම් වේල්ල මගින් උකුවෙල බෝවතැන්න ජල විදුලි බලාගාරය වෙත යවනු ලබන ජල ප්‍රමාණය 50% කින් අඩු කර එම ජලයද ගඟ දිගේ වික්ටෝරියා ජලාශය වෙත මුදා හරින බව පොල්ගොල්ල ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ සඳහන් කරයි.

මහවැලි ගඟේ ජල මට්ටම තව දුරටත් ඉහළ යන බැවින් කිසිඳු හේතුවෙක් නිසා ගඟට බැසීමෙන් වළකින ලෙසත් සතුන් ගඟට දැමීම නොකරන ලෙසත් දරුවන් දිය නෑමට හෝ වෙනත් කිසිදු හේතුවකට ගඟට නොයවන ලෙසත් ඉංජිනේරු කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.