රට පටවන්න ගිය රත්රං තොගයක් මාට්ටු
විදෙස් රටකට යැවීම සඳහා ප්රවාහනය කරමින් තිබු රත්රං කිලෝ ග්රෑම් 10ක් පමණ අද (08) උදෑසන පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබේ.
කල්පිටිය පොලිස් වසමේ පාලවිය කල්පිටිය මාර්ගයේ පාලන්තුඩාව හංදියේ තලවිල පල්ලයට හැරෙන ස්ථානයේ සිදු කළ වැටලීමකින් කළු පැහැති වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක ඉතා සුක්ෂම ලෙස ආසනය යට සඟවා තිබු මෙම රත්රං තොගය සොයා ගෙන තිබේ.
රත්රං ප්රවාහනය කරමින් සිටි අවුරුදු 34ක් වයසැති පුත්තලම කන්දකුඩිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
