වීසා අවසන් ලාංකිකයින්ට සෞදියෙන් සහනයක්
වීසා බලපත් කල් ඉකුත්වීම හේතුවෙන් සෞදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීම සඳහා සෞදි අරාබි රජය අවසර ලබා දී තිබේ.
දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්වීපාර්ශවික සබදතාවන්හි ප්‍රතිඵලයක් ලෙස සෞදි අරාබි රජය මෙම සහනය ලබා දී තිබේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞදි අරාබියේ පිටවීමට නොහැකි වු ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෞදි අරාබි රජය මෙම තාවකාලික පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව වලංගු හෝ කල්ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක් නැවත ඇතුළුවීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඔනෑම ශ්‍රී ලාංකිකයෙකුටම එරටින් පිටත්ව යන විට දී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව පිටවීමට අවසර හිමිවනු ඇත.

