පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට
වවුනියාව පූවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ රාත්‍රීයේ මොහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකාර ස්ථානාධිපතිවරයා 2010 වසරේ කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාව සිටි සමයේ පුද්ගලයෙකුට කෘෘර ලෙස වධ හිංසාවට ලක්කර පහරදීම ඔහුට එල්ල වී ඇති චෝදනා වනවා.
එම පහරදීම සම්බන්ධයෙන් මහර අධිකරණයේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින බව ද පොලීසිය පවසනවා.