News

තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනා ලැබූ හිරුණිකාගේ නඩු ලබන මාර්තු විභාගයට

පසුගිය 2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ලබන වසරේ මාර්තු මස 12 සහ 13 විභාග කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ඉදිරියේ මෙම නඩුව අද (11) කැඳවනු ලැබුවා.

එහිදී නඩුව මාර්තු මස 12 සහ 13 යන දිනවල විභාගයට ගැනීමට විනිසුරුවරයා තීරණය කළ අතර එදින සාක්ෂි දීම සඳහා සාක්ෂි කරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් ද විනිසුරුවරයා අවවාද කළා.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා හිරිහැර සිදු කළ බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනවා.