අටලුගම පොලීසියට පහරදුන් 4ක් අත්අඩංගුවට
බණ්ඩාරගම, අටලුගම, මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ප්‍රදේශයේ නිවසක් තුළ ගංජා ජාවාරම් සිදුකරන බවට ලැබුණු තොරතුරකට අනුව එම නිවස වැටලීමට ගිය අවස්ථාවේ දී එහි සිටි කාන්තාවන් සිව්දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 4 දෙනෙක් වැටලීම් රාජකාරීවලට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ට පහර දුන් බව පොලීසිය පවසයි.
පහර දීමෙන් උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, කාන්තා පොලිස් සැරයන්වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා ඇත.
පහරදීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයෙක් බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
