News

බාහිර උපාධි ලියාපදිංචිය නැවතීමෙන් සිසුන් අමාරුවේ

රාජ්‍ය විශ්වවිද්‍යාලවල බාහිර උපාධි ලියාපදිංචි නතර කිරීමත් සමග තිස් දහසකට අධික සිසුන් පිරිසක් අපහසුතාවට පත්වී ඇතැයි බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුවේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ බොරැල්ල එන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (09 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

මහේෂ් අඹේපිටිය පෙන්වා දෙන්නේ මෙලෙස බාහිර උපාධි නතර කරන්නේ නම් උසස් පෙළ සමත් සියලු සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වී කඩිනමින් විසඳුම් ලබා නොදෙන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම කීවේය.

චාමර පල්ලෙගෙදර