වෙලේ සුදාගේ මස්සිනා මාට්ටු
බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක පාතාල කල්ලි නායකයකු වන වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් ගාල්ල ප්‍රදේශයේ දී ඉමදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙලේ සුදාගේ බිරිඳගේ සහෝදරයා වන 47 හැවිරිදි පුද්ගලයෙක් වැලිගම කනකේ ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුගේ නිවෙස් රැඳී සිටි නුගේගොඩ කොහුවල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ත්‍රිරෝද රථ රියදුරකු වන කනත්ත චූටි යන අන්වර්ත නාමයෙන් හදුන්වන අයකු බවද පොලිසිය පවසයි.
ඔවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 300ක් සහ රුපියල් 37,500ක මුදලක්, ජංගම දුරකථන 04ක් බැංකු ගිණුමට අදාළ පාස්පොතක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
වෙලේ සුදාගේ මස්සිනා යැයි සැලකෙන සැකකරුගේ බැංකු ගිණුම්වලින් රුපියල් ලක්ෂ 20ක මුදලක් සංසරණය වී ඇතැයි ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.
දැනට බන්ධනාගාරතව සිටින වෙලේ සුදා යන අයට බන්ධනාගාරයට අවශ්‍ය පහසුකම් සැපයිමට මෙම සැකකරු කටයුතු කර ඇති බව පරික්ෂණවලදි අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සැකකරුවන් අද (10) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
