කොවිඩ්-19 ආසාදිතයින් 07ක් හඳුනාගැනේ
කොවිඩ්-19 ආසාදනය වූ තවත් 07දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ මෙම ආසාදිතයින් 07දෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන බවයි.
මෙලෙස විදේශයන් හි සිට පැමිණි ආසාදිතයින් අතර ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු, එක්සත් රාජධානියේ සිට පැමිණි එක් පුද්ගලයෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි පස්දෙනෙකු ද වේ.
ඔවුන් සියලුදෙනා මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයන් වන බව සදහන්.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3147ක් වේ.
ඉන් 2955දෙනකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
තවත් ආසාදිතයින් 180දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.
