News

අනුරාධපුර – පුත්තලම තාවකාලික පාලම ගිලාබසියි

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ 38 කණුව ප්‍රදේශයේ තාවකාලික පාලමක් මෙසේ ගිලාබැසීම සිදුවී ඇත. මේ නිසා ප්‍රෙදේශයේ ගමනා ගමනයට බාධා සිදුව ඇත.

ත්‍රිකුණාමලයේ සිට ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අද (11) එම පාලම මතින් ගමන් කරමින් තිබිය දී පාලම කැඩී ගොස් ඇත. අදාල කන්ටේනර් රථය සුළං බලාගාරයකට අවශ්‍ය උපාංග ප්‍රවාහණය කිරීමේදී මෙලෙස සිදුව තිබේ.

වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය උපදෙස් දී ඇත.

මේ නිසා අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වන වාහන අනුරාධපුර 2 කණුව අසලින් තලාව පොලිස් වසම හරහා ගොස් තඹුත්තේගම මාර්ගයට පිවිස ඔරලෝසු කණුව අසලින් 27 හන්දිය හරහා පුත්තලම මාර්ගයට පිවිස අනුරාධපුරයට ගමන් කළ හැකි බව වාර්තා වේ.

එමෙන්ම පුත්තලම සිට අනුරාධපුර දෙසට ධාවනය වන වාහන ගලයාය හන්දියෙන් දකුණට හැරී තලාව නගරයට ගොස් අනුරාධපුර මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.