මහර බන්ධනාගාරය තුළට උඩින් ආ ජංගම දුරකථන
මහර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද ජංගම දුරකථන 4ක් සහ දුම්කොළ පැකට්ටුවක් බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන ඇත. මෙලස අද දින (11) තාප්පයට උඩින් එම පාර්සලය විසිකර ඇත.
තවද පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන රත්ගම විදුර නැමැත්තාගේ සමීපතමයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු හික්කඩුවේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ටී-56 ගිනි අවි දෙකක්ද සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.
