අල්ලස් ගත් ලංගම රියැදුරෙක් මාට්ටු
අම්පාර නාමල්ඔය ප්‍රදේශයේදී අල්ලස් ලෙස ලබාගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව මධ්‍යම බස් රථ කාර්යාලයේ රියැදුරෙකි.
අහිමි වී ඇති ශ්‍රී ලංගම රියැදුරු රැකියාව නැවත ලබා ගැනීමට උදව් කිරීම සඳහා ඔහුගේ භාර්යාවගෙන් රුපියල් 30,000 ක මුදලක් ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිනී වීරසූරිය මහත්මිය සඳහන් කළේය.
