A ,B ,C ලෙස කුඹුරු ඉඩම් කාණ්ඩ තුනකට වර්ගීකරණ වෙයි
කුඹුරු ඉඩම් ලෙස හඳුන්වනු ලැබූවද වගා කටයුතු සිදුනොකරන ඉඩම් සංවර්ධන කටයුතු සඳහා හිමිකරුවන්ට නිදහස් කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා පවසයි.
සරල ක්‍රමවේදයක් අනුගමනය කර, එම කුඹුරු ඉඩම් අදාළ හිමිකරුවන්ට නිදහස් කරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයිද ලේකම්වරයා කීවේය.
කුඹුරු ඉඩම් ලෙස හඳුන්වනු ලැබූවද, වගා කටයුතු සිදු නොකරන ඉඩම් මේ දිනවල හඳුනාගනිමින් පවතින බවත්, එම කටයුතු අවසන් වූ පසුව සංවර්ධන කටයුතු සඳහා හිමිකරුවන්ට නිදහස් කෙරෙන බව ලේකම්වරයා පවසයි.
ඒ,බී,සී ලෙස කුඹුරු ඉඩම් කාණ්ඩ තුනකට වර්ගීකරණය කර තිබේ. ඒ කාණ්ඩයට අයත් කුඹුරු ඉඩම්වල වී වගාව පමණක් සිදුකළ යුතු අතර වෙනත් කිසිදු කටයුත්තකට යොදා ගැනීම නීති උල්ලංඝනය කිරීමකි. බී කාණ්ඩයට අයත් කුඹුරු ඉඩම්වල එක් කන්නයක වී වගාව, අපනයන භෝග වගාව හෝ එළවළු වගාව සිදුකළ හැකිය. සී කාණ්ඩයට අයත් වන්නේ කිසිදු වගාවක් කළ නොහැකි කුඹුරු ඉඩම්ය. මෙම ඉඩම් සංවර්ධන කටයුතු සඳහා නිදහස් කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.
සාලිය කුමාර ගුණසේකර
