තවත් කොරෝනා රෝගීන් 22කට සුවයි
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 22දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 3,043ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3,271ක් වන අතර රෝගීන් 215 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
