News

මැලේරියා රෝගීන් 26 ක් හදුනා ගනී

මේ වසර තුළ දිවයිනෙන් හමුවූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(18) දිනයේ අයි.ඞී.එච්. රෝහලේදී තවත් මැලේරියා රෝගියෙකු හදුනා ගෙන ඇති අතර පසුගිය 11 වනදා දිවයිනට පැමිණි 51 හැවිරිදි යුක්රේන ජාතිකයෙකු මෙලෙස මැලේරියා රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇත.

ඔහු මේ වනවිට අයි.ඞී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර සදහන් කරයි.

මේ වසරේ දැනට වාර්තා වී ඇත්තේ මැලේරියා ආසාදිතයන් 26 දෙනා අතුරෙන් 10ක් නිරෝධන මධ්‍යස්ථානවලින් හමුවී ඇත.