News

20 ගැන පියවර ගන්න සමගි ජන බලවේගයෙන් කමිටුවක්

 

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී යි. එම කමිටු සාමාජිකයින්ගේ නම් පහතින් දැක්වේ.

*රාජිත සේනාරත්න.
*සරත් ෆොන්සේකා
*කබීර් හෂීම්
*මනෝ ගනේෂන්
*ඉරාන් වික්‍රමරත්න
*ඉමිතියාස් බාකීර්මාකර්
*ලක්ෂ්මන් කිරිඇල්ල
*හර්ෂ ද සිල්වා
*රංජිත් මද්දුමබණ්ඩාර
*නීතිඥ සුරේන්ද්‍ර ප්‍රනාන්දු
*නීතිඥ ශිරාල් ලක්තිලක