News

හෙරොයින් පානය කරමින් සිටි බස් රථ සේවකයින් දෙදෙනෙකු මාට්ටු

දිගු කලක් තිස්සේ වැලිමඩ – මැදවෙල මාර්ගයේ ඇතැම් පෞද්ගලික බස් රථ තුල බස් රථ සේවකයින් හෙරොයි පානය කරන බවට ලැබුණු තොරතුරු මත පෞද්ගලික බස් රථ තුල හෙරොයින් පානය කරමින් සිටි බස් රථ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට (23)දා අඹගස්දෝව පොලිසිය සමත්ව තිබේ.

අඹගස්දෝව පොලිසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ඌව පරණගම මැදවෙල ප‍්‍රදේශයේදී ගාල් කර තිබූ පෞද්ගලික බස් රථ පරික්ෂා කිරීමේදී හෙරොයින් පානය කරමින් සිටි බස් රථ සේවකයින් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනා වයස අවුරුදු 21 හා 26 පසුවන ඌව පරණගම මැදවෙල ප‍්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය කියයි.

මෙම මාර්ගයේ ඇතැම් බස් රථ සේවකයින් ඉතා දිගුකලක් තිස්සේ මෙසේ හෙරොයින් පානය කරමින් මගී ජනතාව පීඩාවට පත්වන අන්දමින් හැසිරෙන බවට පොලිසියට තොරතුරු ලැබී තිබින. අදාල සැකකරුවන් හා හෙරොයින් ප‍්‍රමාණය වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.