කුඩා දරුවන් අතර තවත් රෝගයක් පැතිරෙයි
කුඩා දරුවන් අතර ළමා හතිය පැතිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙව බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
වෛද්‍යවරයා සඳහන් කලේ, මෙය කොවිඩ් රෝගී තත්ත්වයක් ලෙස දැකිය හැකි බවයි.
එවැනි රෝග ලක්ෂණ ඇති දරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගැනීම සුදුසු බව ද ඔහු සඳහන් කළා.
කොවිඩ් ව්‍යාප්තිය වැඩි වීමත් සමග කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දරුවන් ඇතුළත් කිරීම ද ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසනවා.