Latest News

නවීන ළමා රෝහලක් පිහිටුවන්න ජනපතිගෙන් උපදෙස්

පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා යාපනය , හම්බන්තොට, බදුල්ල, සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂිත රෝහල් පිහිටුවීමත් හා සුදුසු ස්ථානයක නවීන ළමා රෝහලක් පිහිටුවිමටත් ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස්ලබා දි තීබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ, ජනාධිපතිවරයාගේ උපදෙස්මත ජනාධිපති ලේකම් ඊ. එම්. එස්.බී ඒකානායක විසින් ඊට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස්ලබා දි ඇති බවයි.