නිවසක් තුළ මවක් සහ දියණියක් අභිරහස් ලෙස මියයයි
ගිනිගත්හේන ප්‍රදේශයේ නිවසක් තුළ මවක් සහ දියණියක් අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, ගිනිගත්හේන, පේරගහමුල ප්‍රදේශයේ පදිංචි මහමැදිලාගේ ප්‍රදීපා ඉන්ද්‍රානි වන වයස අවුරුදු 50ක මවක් සහ ඇගේ 30 හැවිරිදි දියණියයි.
නිවසේ පදිංචිකරුවන් දින ගණනාවක් පිටතට නොපැමිණි බවත්, එම නිවස දෙසින් දුගන්ධයක් හමන බවත් පවසමින් ගිනිගත්හේන පොලිසියට අද (09) ප්‍රදේශවාසින්ගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම නිවස පරික්ෂාවට ලක් කර තිබෙනවා.
ඒ අනුව, පොලිසිය විසින් නිදන කාමරයේ ඇද මත තිබී සිරුරු දෙක සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ, මියගිය දෙදෙනා මානසික රෝගී තත්ත්වයෙන් පෙලුණු අය බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, මියගිය කාන්තාවගේ සැමියා සහ පුතා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත් ය.
මෙය සියදිවි හානි කර ගැනිමක් බවට සැකකරන බව පොලිසිය පවසන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගිනිගත්හේන පොලිසිය සිදුකරනවා.