Latest News

ඉතාලියේ පළාත් පාලන මැතිවරනයට ලාංකික කාන්තාවක් තරඟ කරයි

ඉතාලියේ පළාත් පාලන මැතිවරනය සඳහා ලොම්බර්දිසා පළාතෙන් තරඟ කිරීම සඳහා ශ්‍රී ලාංකේය කාන්තාවක් වන ධම්මිකා චන්ද්‍රසේකර මහත්මිය තේරි පත්ව තිබෙනවා.

ඇය ඉතාලියේ ලොම්බර්දිසා පළාතේ විදේශික ප්‍රජාව නියෝජනය කිරීම සඳහා pratito Democration පක්ෂය වෙනුවෙන් අපේක්ෂකත්වය හිමිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇය මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඒම පළාතේ ජීවත්වන විදේශිකයන් නියෝජනය කිරීම සඳහා වරම් ලද ඒකම අපේක්ෂිකාවව වනවා.

57 හැවිරිදි තිදරුමවක වන ධම්මිකාගේ උපන් ගම කඳාන වන අතර ඇය කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ හා කඳාන ද මැසිනෝද් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා.

1984 වර්ෂයේදී ඉතාලියට ගොස් ඇති අතර ඒ් වන විට ඇය 19 හැවිරිදි වියෝ පසු වුණා.

ධම්මිකා මහත්මිය සම්බුදු ශාසනයට සිදුකරන ලද මෙහෙවර වෙනුවෙන් 2018 වසරේදී ‘සාධුජන ප්‍රසාදනී දිරිය මාතා” ගෞරව සම්මානයෙන්ද අනුරාධපුර වෘත්තීය පුහුණු ආයතනයේ ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවයේදී පිදුම් ලබා තිබෙනවා.