දුරකථන රැහැන් සම්බන්ධ කණුවක් හිස මතට කඩා වැටීමෙන් කාන්තාවකට බරපතළ තුවාල
රාගම ගල්වල හන්දිය මහර – නුගේගොඩ පාර ප්‍රදේශයේ දුරකථන රැහැන් සම්බන්ධ කර තිබූ කණුවක් හිස මතට කඩා වැටීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ, 53 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
අදාළ කණුව කඩාවැටී තිබුණේ, මාර්ගයේ අනාරක්ෂිත ලෙස පැවති දුරකථන රැහැන්වල ලොරි රථයක් පැටලීමෙන් බවයි වාර්තා වන්නේ.
රාගම සිට කඩවත දෙසට ධාවනය වන ලොරි රථය දුරකථන රැහැන්වල පැටලී කණුව කැඩී මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ හිස මතට වැටීමෙන් ඇය බරපතළ තුවාල ලබා තිබෙනවා.
එහිදී ද නොනවත්වා ධාවනය වන ලොරි රථයේ තවත් දුරකථන රැහැන් කිහිපයක් පැටලීමෙන් තවත් කණු 2ක් මාර්ගයට කඩා වැටෙන අයුරු CCTV කැමරාවක සටහන්ව ඇති බව පොලිසිය සඳහන් කළා.
අදාළ ලොරි රථයේ රියදුරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේවෙතත් සිද්ධියෙන් අනතුරට ලක්වූ කාන්තාවගේ ඥාතීන් පවසන්නේ මෙම අනතුර සම්බන්ධයෙන් කිසිවෙකුත් වගකීම භාරනොගන්නා බවයි.