බඹර ප්රහාරයක් හේතුවෙන් පාසල් සිසුන් 30කට වැඩි පිරිසක් රෝහලේ
බඹර ප්රහාරයක් හේතුවෙන් වවුනියාව – බෝගස්වැව ප්රදේශයේ පාසලක ගුරුවරුන් සහ සිසුන් 30කට අධික පිරිසක් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පාසල් දරුවන්ගේ දෙමාපියන් සඳහන් කලේ, පාසල් ගොඩනැගිල්ල ආසන්නයේ ගසක පැවති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙය සිදුව ඇති බවය.
බඹර ප්රහාරයට ලක්වු දරුවන් වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර, දරුවන්ගෙන් පිරිසක් තරමක් බරපතළ තත්ත්වයේ සිටින බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
අදාළ සිදුවීමෙන් පසුව එම පාසලෙන් දරුවන් ඉවත් කොට ඇති අතර, පාසල් ගුරුවරුන් හා දරුවන්ගේ දෙමාපියන්ගේ කැපවීම මත දරුවන් රැසක් බඹර ප්රහාරයෙන් වළකා ගැනීමට හැකිවු බවද ප්රදේශවාසීන් පවසනවා.