Latest News

ගබ්සා සඳහා නිකුත් කරන ඖෂධ අලෙවි කිරීමට ඔසුසැල්වලට අවසර

ගබ්සා සඳහා භාවිතයට ගන්නා ඖෂධ අලෙවි කිරීම සඳහා ඔසුසැල්වලට අවසර ලබාදීමට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම තැපැල් මගින් එම ගබ්සා ඖෂධ ගෙන්වීම වළක්වාලමින් පනවා තිබු නීති ද මෙම නව නීතිය හරහා ලිහිල් කර ඇති බව එරට මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ඒවා මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

පසුගිය වසරේ දී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගබ්සා නීතිද ලිහිල් කිරීමට පියවර ගත්තා.