Latest News

ගබ්සා නීතිය සංශෝධනය කෙරෙයි

ගබ්සාව නීතියෙන් තහනම් කීරීම සම්බන්ධයෙන් අමෙරිකානු උපරිමාධිකරණය හමුවට ඉදිරිපත්ව ඇති කෙටුම්පතක තොරතුරු, මාධ්‍යයට අනාවරණය වීමත් සමග රටපුරා විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ගබ්සා නීතිය සංශෝධනය සම්බන්ධයෙන් උපරිමාධිකරණයට ඉදිරිපත්වී ඇති යෝජනාවක් පිළිබඳ අමෙරිකාව තුළ ප්‍රබල කතිකාවතක් ගොඩනැගී තිබෙනවා.

එලෙස කතිකාවතක් ගොඩනැගී ඇත්තේ,අංක එක ලෙසින් හැඳින්වෙන එම නව කෙටුම්පත සම්බන්ධයෙන් රහසිගත තොරතුරු මාධ්‍යයට අනාවරණය වීමත් සමගයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන විනිසුරු ජෝන් රොබර්ට්ස් ද තහවුරු කර ඇත්තේ, ගබ්සා නීතිය සංශෝධනය සම්බන්ධයෙන් කෙටුම්පතක් ඉදිරිපත්වි ඇති බවයි.

කෙසේ නමුත් එය අධිකරණයේ අවසන් තීන්දුව නොවන බව පෙන්වා දුන් ඔහු සඳහන් කලේ, අදාළ රහසිගත තොරතුරු මාධ්‍යයට කාන්දුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ද තීරණය කර තිබෙනවා.

අමෙරිකාව තුළ ගබ්සාව නීති ගත කිරීමේ ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ 1973 වසරේදී යි.

ඒ රෝට එදිරිව වේඩ් (Roe v Wade ) නම් මේ ලෝප්‍රකට නඩු තීන්දුව මගින්.

විනිසුරු සැමුවෙල් ඇලීටෝ ඉදිරිපත්කළ නව කෙටුම්පත මගින්, මෙම නඩු තීන්දුව අභියෝගයට ලක්කර තිබෙනවා.

නව කෙටුම්පතින් යෝජනාවී ඇත්තේ, එය ආරම්භයේ සිටම දෝෂසහගත නඩුවක් බවයි.

යම් හෙයකින් රෝට එදිරිව වේඩ් නඩු තින්දුව අභියෝගයට ලක්වී අහෝසි වුවහොත්, අමෙරිකාවේ ප්‍රාන්ත අඩක්ම පමණ ගබ්සාව තහනම් වනු ඇතැයි අපේක්ෂිතයි.

ඒ අනුව, අමෙරිකානු කාන්තාවන් මිලියන 36කට ගබ්සා අයිතිය අහිමි වීමේ අවස්ථාවක් පවතින බවද විමර්ශනයකින් හෙළිව තිබෙනවා.

ඊට එරෙහිව අමෙරිකාව පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වී ඇත්තේ එවන් පසුබිමකයි.

එරට කාන්තාවන් පවසන්නේ තම සිරුර සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ අයිතිය තමන් සතුව පැවතිය යුතු බවයි.

එමෙන්ම එය රටේ නිදහසට එල්ලවන බාධාවක් බවටද ඔවුන් චෝදනා කරනවා.

තවද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවා පවසන්නේ මින් ජනතාවගේ නිදහස ප්‍රශ්න කිරීමට ලක්විය හැකි බවයි.

කෙසේවෙතත් ගබ්සා නීතිය දැඩි කිරීමට පවතින අවස්ථාව සම්බන්ධයෙන් ඇතැම් අමෙරිකානු කාන්තාවන් සිය ප්‍රසාදය පළකර සිටිනවා.