ගබ්සා නීතියට අලුත් සංශෝධනයක්
ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමා පිළිගන්නේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
ඒ අද (8) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී යි.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කලේ, සමූහ දූෂණයට ලක්වී ගැබ් ගත් අවස්ථාවලදී ගබ්සාව සඳහා ඇතැම් රටවල් දැනටමත් නීතිමය අවසරය දී ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම ප්රශ්නය මතු කරමින් මෙහිදී පැවසුවේ සමූහ දූෂණයට ලක් වන දැරියන්ට දාව උපදින දරුවන්( කළලය) ඉවත් කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් ඇතැමුන් සියදිවි හානි කරගත් අවස්ථාද දක්නට ලැබෙන බවයි.
සමූහ දූෂණයට ලක්වී ඇති දැරියන්ට දාව උපදින දරුවන් යම් යම් කොන්දේසි වලට යටත්ව ගබ්සා කිරීම සඳහා අවශ්‍ය නීති ගෙන ඒමට කතිකාවතක් ඇති කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනා සලකා බැලීමට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවා.
කෙසේවෙතත් එවැනි අවස්ථාවලදී ගබ්සාව සඳහා නීතිමය ප්‍රතිපාදන සැලසීම වැදගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.