Latest News

වායු සමීකරන යන්ත්‍රයක ගෑස් නළයක් පිපිරීමෙන් තරුණයෙක් මරුට

මහනුවර ගැටඹේ දෙවන රාජසිංහ මාවතේ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක වායු සමීකරන යන්ත්‍රයක ගෑස් නළයක් පිපිරීමෙන් එය අලුත්වැඩියා කරමින් සිටි කාර්මිකයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 21 ක් හැවිරිදි මොහොමඩ් ශ්‍යාම් නමැති තරුණයෙක්.

හෝටලයේ තෙවන මහළේ භෝජනාගාරයේ පිහිටි කොටසේ මෙම පිපිරුම සිදුව ඇති අතර අදාළ වායු සමීකරණ යන්ත්‍රය අලුත්වැඩියා කරමින් සිටියදී එය පුපුරා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරික්ෂණ පවත්වයි.