Latest News

සොහොයුරාට නින්දයාමෙන් සිදු වූ අනතුරින් සොහොයුරිය මරු දකී

මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් කොහොඹ ගසක ගැටිමෙන් සිදුවු අනතුරින් 24 හැවිරිදි තරුණියක් ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරින් මරණයට පත්ව ඇත්තේ, දේවාල හංදිය විල්පොත පදිංචි ගුණරත්න අබේසිංහ මුදියන්සේලලාගේ අංජලී රුවන්දිමා පියුමන්දී නැමති තරුණියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ අදාළ තරුණිය තම එකම සොහොයුරා හා මව සමග ත්‍රි රෝද රථයෙන් නුවරඑළිය ප්‍රදේශයේ චාරිකාවක් නිමාකර නිවස කරා එමින් සිටියදී බව පොලිසිය පවසනවා.

මරණයට පත් තරුණියගේ සොහොයුරා විසින් ත්‍රි රෝද රථය පදවා ඇති අතර ඔහුට නින්ද යාම හේතුවෙන් ත්‍රි රෝද රථය කොහොඹ ගසක ගැටි ඇති අතර එම අනතුරින් තරුණිය එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇත.

අනතුරින් ත්‍රී රෝද රථය පැදවු තරුණියගේ සොහොයුරා හා මව තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තරුණියගේ මරණය සම්බන්ධ මරණ පරික්ෂණය හලාවත රෝහලේ සිදු කිරීමට නියමිතයි.