Latest News

ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු තුවාල ලබයි

පෞද්ගලික සමාගමකට අයත් මගී ප්‍රවාහන සැහැල්ලු ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමකට යාමේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

යානයේ ඇති වූ කාර්මික දෝෂයන් හේතුවෙන් එය කටාන කිඹුලපිටිය ප්‍රදේශයට ගොඩබැස්සීමට නියමුවා පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළා.

එහිදී සිදුවූ අනතුරින් නියමුවා සහ නියමුවරිය මෙන්ම කාන්තාවක්ද තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත.