Latest News

පාසල් බස් රථයෙන් ඇදවැටී 6 හැවිරිදි දැරියක් මරුට…

පරසන්ගස්වැව පොලිස් වසමේ, ගම්බිරිගස්වැව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 6 හැවිරිදි ගම්බිරිස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි අලුත්ගම, දරුසලාම් මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසර අධ්‍යාපනය ලබමින් සිටි දැරියක්.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක ගමන් කළ කුඩා දැරියක් ඉදිරිපස දොරෙන් බිමට බැසීමට යෑමේ දී ඇදවැටී බස් රථයට යට වී අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පරසන්ගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.