Latest News

ඇෆ්ගනිස්තාන ළිඳක සිරවී සිටි 6 හැවිරිදි පිරිමි දරුවා ජිවිතයෙන් සමු ගනියි

දින හතරක් ඇෆ්ගනිස්තාන ළිඳක සිරවී සිටි 6 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.

හයිඩර් නමැති මෙම දරුවා බේරා ගැනීමට පැය විසිහතර පුරාම වෙහෙසීමෙන් පසු අද පස්වරුවේ ඔහු පිටතට ගැනීමට මෙහෙයුම් කාණ්ඩායම් සමත් වුණා.

එහෙත් එම දරුවා පිටතට ගන්නා විට කිසිදු ප්‍රතිචාර නොදැක්වූ බවත් හුස්ම නොගත් බවත් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු බීබීසීයට පවසා තිබෙනවා.

ඊයේ දිනයේ සිට ළිඳෙන් කිසිදු ශබ්දයක් පිට නොවූ බව මෙහෙයුම් කාණ්ඩායම් වාර්තා කර තිබුණා.

එම පිරිමි ළමයා වෙත ළඟා වීමට පොළව තුළට අගලක් කැණීම් සිදුකර ඇති අතර ඔහුව හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් කාබුල්හි රෝහලකට රැගෙන යාමට නියමිතව තිබුණා.

“ගලවා ගැනීමේ මෙහෙයුම අවසන් වූ පසු පළමු මිනිත්තු කිහිපය තුළ ඔහු හුස්ම ගනිමින් සිටි අතර වෛද්‍ය කණ්ඩායම ඔහුට ඔක්සිජන් ලබාදී තිබෙනවා.”

“කෙසේවෙතත් වෛද්‍ය කණ්ඩායම ඔහුව හෙලිකොප්ටරයට ගෙන යාමට උත්සාහ කළ විට ඔහුගේ ජීවිතය අහිමිවී තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දරුවා මුලින් ලිස්සා ගොස් ඇත්තේ මීටර් 25 (අඩි 80) පටු ළිං පතුලකට වන අතර එහිදී ඔහුට එහා මෙහා යාමට හැකි විය.

නමුත් දරුවා බේරා ගැනීමට ගත් උත්සාහයන්හිදී ඔහු විවරයේ සිට මීටර් 10 (අඩි 32) පමණ දක්වා ඔහුව ඇදගෙන යෑමෙන් මාර්ගය පටු වීම නිසා දරුවා හිරවී තිබෙනවා.

ඒ අනුව දරුවා පැය 30 කට වැඩි කාලයක් එලෙස සිට ඇති අතර අවසානයේ ඔහු වෙත ළඟා වීමට මෙහෙයුම් කණ්ඩායම් සමත් වුවත් එම ස්ථානයේ සිටි මෙහෙයුම් කණ්ඩායම් හට ඔහුට ආහාර සහ ජලය ලබා දීමට ද නොහැකිවී තිබුණා.

මෙහෙයුම් කටයුතු සිදුවන අවස්ථාවේදී ඔහුගේ පියා දරුවා සමඟ අදහස් හුවමාරු අරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙහෙයුම් කණ්ඩායම් ඔහුව පිටතට ගැනීමට පැය 24 කට පෙර, දරුවා සන්නිවේදනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ අතර අදාළ සිදුවීමෙන් පසු තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක අනාස් හකානි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ඉතා ශෝකයෙන් යුතුව සඳහන් කරන්නේ තරුණ හයිදර් අපෙන් සදහටම වෙන්ව ගොස් ඇති බවයි.

කෙසේවෙතත් මෙම සිදුවීම වාර්තා වුනේ පසුගියදා මුළු රටේම කතා බහට ලක්වූ රයන්ගේ වියෝවෙන් සති දෙකකටත් වඩා අඩු කාලයකින් පසුවයි.