රූපවාහිනි නිවේදිකාවන්ට අනිවාර්යය වූ මුහුණු ආවරණ නීතිය
තලෙයිබාන් නීති වලට යටත් වෙමින් ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනි නිවේදිකාවන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම අත්දැකීම තමන්ට අපහසුතාවක් ගෙනදුන් එකක් බව ප්‍රවෘත්ති නිවේදිකාවක් මාධ්‍යට පවසා ඇති බව වාර්තා වනවා.
ජනතාව තුළ විශ්වසනීයත්වය ගොඩනැගීම සඳහා ප්‍රවෘත්ති නිවේදකයන් සෑම විටම නිදහස් හා ලිහිල් බවකින් යුක්තව ප්‍රවෘත්ති ඉදිරිපත් කළ යුතු බව ටෝලෝ ටීවී නාලිකාවේ මාධ්‍යවේදිනියක වන සෝනියා නියාසි පවසනවා.
ඒ නමුත් මුහුණු ආවරණය කිරීමට සිදුවීම හේතුවෙන් වෘත්තිය දිවියේ පළමු වරට තමා අපහසුතාවයකින් යුතුව ප්‍රවෘත්ති ඉදිරිපත් කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනි නිවේදිකාවන්ට මුහුණු ආවරණය පැළඳ වැඩසටහන් ඉදිරිපත් කිරීම මැයි 21 වැනිදායින් පසු අනිවාර්යය කිරීමට තලෙයිබාන් පාලනය පියවර ගෙන තිබුණා.
ඒ, වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී හිජාබය පැළඳීම අනිවාර්ය කිරීමට තලෙයිබාන් පාලනය කළ දැනුම්දීම රූපවාහිනී බලධාරින් විසින් පිළිගැනීමෙන් අනතුරුවයි.