කාන්තාවන්ට පැනවූ තහනමක් නිසා රාජ්‍ය නොවන සංවිධාන 05 ක් සිය මෙහෙයුම් අත්හිටුවයි
තලෙයිබාන් පාලනය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීමට එරෙහිව පැනවූ තහනම හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන 05 ක් ඇෆ්ගනිස්ථානය තුළ සිය මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.
සේව් ද චිල්ඩ්රන් ආයතනය, නෝවේජියානු සරණාගත කවුන්සිලය, කෙයාර් ඉන්ටර්නැශනල් සහ ජාත්‍යන්තර මුදාගැනීමේ කමිටුව මෙලෙස ඇෆ්ගනිස්ථානය තුළ සිය මෙහෙයුම් අත්හිටවූ රාජ්‍ය නොවන ආයතන වනවා.
රාජ්‍ය නොවන සංවිධානවල රැකියාව කරන ඇෆ්ගන් කාන්තාවන් හිජාබය නොපැළදීම නිසා තලෙයිබාන් පාලනය මෙම තහනම පනවනු ලැබුවා.