Latest News

ඇෆ්ගන් කතුන්ට නිදහසක්…

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට පනවා ඇති ඇතැම් නීති සංශෝධනය කිරීමට තලෙයිබාන් පාලනය එකඟතාව පළ කර තිබෙනවා.

මානූෂීය මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දීමට අවසර ලබා දෙමින් නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට තලෙයිබාන් පාලනය එකඟ වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නි‍යෝජිත මාර්ටින් ග්‍රිෆිත් ප්‍රකාශ කළේ, එම සංවිධානයේ නියෝජිතයන් සහ තලෙයිබාන් නියෝජිතයන් අතර පැවති සාකච්ඡා සාධනීය මට්ටමක තිබෙන බවයි.

රාජ්‍ය නොවන සංවිධානවල ඇෆ්ගන් කාන්තාවන්ට සේවය කිරීම තහනම් කිරීමේ නීතිය මුළුමනින්ම ඉවත් කිරීමට තලෙයිබාන් පාලකයන් එකඟ නොවුනද, එහි ඇතැම් වෙනස්කම් සිදු කිරීමට ඔවුන් එකඟතාව පළ කර තිබෙනවා.