කොරෝනා වැළඳීමෙන් පසු වැඩිහිටියන් ගොදුරු වන තවත් රෝගයක්
කොවිඩ් වැලඳුණු සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ප්‍රධාන අවයව හා පද්ධති ආශ්‍රිත රෝගයකට ගොදුරු වී ඇති බව අමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වීි තිබෙනවා.
2020 වසරේ අප්‍රෙල් මස පළමුවැනිදාට පෙර කොවිඩ් වැලඳුණු වයස අවුරුදු 65 ට වැඩි අමෙරිකානුවන් එක්ලක්‍ෂ තිස්තුන් දහසකට වැඩි පිරිසක් යොදාගෙන මෙම පර්යේෂණ සිදුකර තිබුණා.
එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ප්‍රතිකාර ලබාගත යුතු බරපතළ රෝගී තත්ත්වයන් වන හෘදයාබාධ, වකුගඩු රෝග, පෙනහළු ආශ්‍රිත රෝග සහ අක්මාව ආශ්‍රිත රෝග වැනි බෝ නොවන සංකූලතාවන්ට ගොදුරු වන බවයි.