Latest News

රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කළ යුත්තේ මෙහෙමයි

මුලික කරුණු 15කින් යුක්තව රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය අනුව, රාජ්‍ය ආයතන වෙත නිලධාරීන් කැඳවීමේ දී ගර්භණී නිලධාරිනියන්, කිරි දෙන මව්වරුවන් හා විශේෂ රෝගාබාධවලින් පෙළෙන නිලධාරීන් සේවයට නොකැඳවීමට කටයුතු කළ යුතු වනවා.

එවැනි නිලධාරීන් සේවයට කැඳවීම අත්‍යවශ්‍ය අවස්ථාවල දී පමණක් සිදුකළ යුතු අතර එවැනි අවස්ථාවන්හිදී සේවයට පැමිණීමට හා පිටවීමට විශේෂ කාල සීමාවක් ලබාදීමටත් විශේෂ පහසුකම් ලබාදීමටත් කටයුතු කළ යුතුයි.

නිසි සෞඛ්‍ය උපදෙස් අනුමනය කරමින් ආයතනික කාර්ය මණ්ඩල මෙන්ම සේවාලාභීන් ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් වළක්වා ගනිමින් සේවා සැපයීමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

එමෙන්ම සේවයට කැඳවනු ලබන නිලධාරීන් හැර සෙසු නිලධාරීන් සහ නිලධාරිනියන් සිය නිවසේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජකාරී කිරීමට ක්‍රියා කළ යුතු වනවා.

නිලධාරීන් සේවයට වාර්තා කිරීමේ සහ පිටවීමේ ලේඛණයක් පමණක් පවත්වාගෙන යෑම ප්‍රමාණවත් බවට මෙහිදී උපදෙස් ලබාදී ඇත.

කොවිඩ් මර්ධන එන්නත ලබානොගත් සේවකයින් සිටිනම් ඔවුන්ට එන්නත් ලබාගැනීම සඳහා දිරි ගැන්විය යුතු බවත් එන්නත් කාඩ්පත ඉල්ලු අවස්ථාවන් වලදී එය ලබාදීමට සේවකයින් කටයුතු කළ යුතු බවටද උපදෙස් ලබාදී තිබෙනවා.

නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ..