Latest News

පාසල් දරුවන්ට නැවත භාවිතයට ගත හැකි මුඛ ආවරණ

පාසල් ආරම්භ කිරීමෙදී දැනට නිකුත් කර ඇති ඇතැම් සෞක්‍ය මාර්ගෝපදේශ වෙනස්කල යුතු බවත්, දරුවන්ට හැකි තරම් නැවත පාවිච්චි කළ හැකි මුඛ ආවරණ ලබාදිය යුතු බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මෙහිදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ , පාසල් ආරම්භයෙන් පසුව රෝගීන් වාර්තාවීම අවම කර ගැනීමට නම් සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් පිළිපැඳිය යුතු බවයි.

පාසල් යෑමට නිවසින් පිටවූ අවස්ථාවේ සිට නැවත නිවසට පැමිණෙන තුරු සිදුකළ යුතු ක්‍රියාදාමය පිළිබඳ වැඩපිළිවෙලක් දැන්සිටම සකස් කළ යුතු බව ද වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළා.

“නිවසින් පිටත් වු අවස්ථාවේ සිට නැවතත් නිවසට පැමිණෙන තෙක් කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව වැඩපිළිවෙලක් දැන්ම ම සකස් කරලා, පාසල් ආරම්භ කිරීමට ප්‍රථම ගුරුවරු හා දෙමාපියන් විසින් හරියාකාරව වෙනවා ද බැලීමට පෙරහුරුවක් වුණත් කරලා බැලුවට වරදක් නෑ කියලා මම හිතනවා. එය නිසි ආකාරව කළොත් නැවත පාසල් වහන්නේ නැතුව දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍ය වාතාවරණය අපට ගොඩනඟා ගන්න පුළුවන්. සිසුන්ව නිසි පරිදි කළමනාකරණය කිරීම වැදගත් වෙනවා. විවේක කාලය සහ කැන්ටින් හා ක්‍රීඩා පිට්ටනියේ දරුවන් හැසිරෙන අවස්ථාවන් හිදී අවශ්‍ය කරන මුලික උපදෙස් ලබාදීලා දුරස්ථභාවය ආරක්ෂා වෙන ලෙස කටයුතු කිරීම වැදගත්. ඒ වගේම මුව ආවරණ භාවිත කිරීමේ දී දරුවන්ට මගේ පුද්ගලික මතය තමයි හැකි තරම් නැවත භාවිත කළ හැකි මුව ආවරණ භාවිත කිරීම. මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රමිතියකට යටත්ව අදාළ මුව ආවරණ මසා ගැනීම සඳහා කරන පතරොම් අපි ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒවා භාවිත කරමින් නැවත භාවිත කළ හැකි මුව ආවරණ භාවිතයට උනන්දු කරනවා.”