Uncategorized

AIA ඉන්ෂුවරන්ස් විසින් ව්‍යවසාය ශ්‍රේණියේ විසඳුමක් වන දුරස්ථ සුරක්ෂිත ඩිජිටල් අත්සන භාවිතය ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය වෙත නැවත වතාවක් නැවුම් වූ අත්දැකීමක් එක්කරමින්, AIA ඉන්ෂුවරන්ස් සමාගම සිය සේවාලාභීන් වෙත ව්‍යවසාය ශ්‍රේණියේ විසඳුමක් වන දුරස්ථ සුරක්ෂිත ඩිජිටල් අත්සන භාවිතය නොබෝදා හඳුන්වා දෙන ලදී. මෙමගින් අපගේ වටිනා සේවාලාභීන් හට ඔවුන්ගේ නිවෙස් තුළ සිටම සිය රක්ෂණ ඔප්පුවට අදාළ ලියකියවිලි අත්සන් කිරීමේ පහසුව සැලසේ.

“මෙම පුරෝගාමී විසඳුම AIA වෙතින් හඳුන්වා දෙනු ලබන්නේ සේවාලාභීන් හට අප සමාගම සමගින් කරන ගනුදෙනු වඩාත් පහසු කිරීමටයි” යනුවෙන් AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි විස්තර කළේය. අප නොබෝදා මුහුණ දුන් COVID – 19 වසංගත තත්ත්වය හමුවේ සේවාලාභියාගේ සුරක්ෂිත බව වඩාත් වැදගත් බව අපට වැඩි දුරටත් අවබෝධ වූ කරුණක්. එබැවින් තවදුරටත් නව රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේදී සේවාලාභීන් සහ අපගේ අලෙවි බලකා සාමාජිකයන් අතර මුහුණට මුහුණ සිදුවන හමුවීම් අවම කිරීම තහවුරු කිරීමට අපට ක්‍රමවේදයක් අවශ්‍ය බව හැඟී ගියා. ඒ අනුව මෙම දුරස්ථ සුරක්ෂිත ඩිජිටල් අත්සන් කිරීමේ වඩාත් ආරක්ෂිත, කාර්යක්ෂම මෙන්ම පහසු ක්‍රමය හඳුන්වා දීමට අප කටයුතු කළා.”

AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා කථා කරමින් “අපගේ දුරස්ථ ඩිජිටල් අත්සන් කිරීමේ ක්‍රියාවලිය, සේවාලාභීන්ගේ පහසුව මෙන්ම අලෙවි බලකා සාමාජිකයන්ගේ කාර්යභාරය ද වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් කර ගැනීමේ හැකියාව අත්පත් කර දෙන ජාත්‍යන්තර තත්ත්වයේ ක්‍රමවේදයක්. මෙම ක්‍රියාවලිය ඔස්සේ ලියකියවිලි කිහිප වරක් අත්සන් කිරීමේ අවශ්‍යතාවක් නොමැත. එමෙන්ම අත්සන් කරන ලද ලියකියවිලි සේවාලාභියා වෙත සහ සමාගම වෙත එසැණින් ක්ෂණිකව ලැබෙන අතර මෙය රක්ෂණ ඔප්පුවක් නිකුත් කිරීමේ දී කිසිම ගැටලුවකින් තොරව අඩු කාලයකින් ඉතා පහසුවෙන් අදාළ කටයුතු සිදු කිරීමේ හැකියාව සහිත ක්‍රියාදාමයකි.”