Latest News

කාන්තාවන් සවිබල ගැන්වීමට ජපානයෙන් ආධාර

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර ලබාදීමට ජපානය අමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ලබා දී තිබෙනවා.

“අර්බුදය තුළ කාන්තාවන් සවිබල ගැන්වීම” යන ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන අතර එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය හරහා ජපාන රජය මෙම මානුෂීය ආධාර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙමගින් ලිංගික සහ ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයට මුහුණ දුන් කාන්තාවන් 1,200කට වැඩි පිරිසකට හා ඔවුන්ගේ දරුවන්ට සහාය ලබා දෙනු ලබනවා.

එමෙන්ම, කඩාවැටීමේ අවදානමට ලක්ව ඇති, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර ව්‍යවසායන් 500කට සහ දරිද්‍රතාවයේ හා මන්දපෝෂණයේ අවදානමට ලක්ව සිටින පුද්ගලයින් 2,000කට වැඩි පිරිසකට මෙමගින් සහය ලබා දීමට නියමිතයි.