Latest News

අසත්‍ය තොරතුරු ලබාදුන් ගුවන් සේවිකාවන්ට විනය ක්‍රියාමාර්ග

ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගැනීමේ දී අසත්‍ය තොරතුරු ලබාදුන් ඕනෑම අයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ, අද (19) පාර්ලිමේන්තුවේ දී යි.

එමෙන්ම, ගුවන් සේවිකාවන් බඳවා ගැනීමේ දී අවිවාහක බව අවම සුදුසුකමක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලේ,

” සේවයේ නිරතව සිටින සේවිකාවන් සඳහා මෙය අදාළ නොවේ. විවාහක බව සඟවමින් ගුවන් සේවිකාවන් ලෙස බැඳී ඇති සේවිකාවන් ගැන සමාගම නොදනී. අසත්‍ය තොරතුරු ලබාදී ඇති බව තහවුරු වන ඕනෑම අයදුම්කරුවෙකු / සේවකයෙකු සමාගමේ අනුමත විනය ක්‍රියාපටිපාටියට යටත්වන අතර, ඒ අනුව අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ. එහෙත් පසුගිය කාලය තුළ එලෙස සිදුවීම් වාර්තා වී නොමැත.”