Latest News

විපක්ෂ නායක හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා.

ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී යි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය පෙරටත් වඩා ශක්තිමත්ව ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළා.

විශේෂයෙන්ම මෙරට තුළ පවත්නා ඖෂධ හිඟය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුකර ඇති අතර එම තත්ත්වයට අවශ්‍ය කඩිනම් විසඳුම් මෙම
සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.

මෙහිදී විපක්ෂ නායකවරයා විසින් සමගි ජන බලවේගයෙන් ක්‍රියාත්මක වන “විපක්ෂයේ හුස්මක්” හරහා රෝහල් 50කට අධික සංඛ්‍යාවකට වෛද්‍ය උපකරණ පරිත්‍යාගය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිතවරියගේ ප්‍රසංසාව හිමිවූ බවත් විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළා.