පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සියදිවි නසා ගනියි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් සමග ඇති වූ ගැටුමකදී සියදිවි නසාගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාට අයත් බව කියන වාහනයකට අද (09) සවස නිට්ටඹුව ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙහිදී මන්ත්‍රීවරයාගේ රථයෙන් පැමිණි පිරිසක් ප්‍රදේශයේ රැස්ව සිටි ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වෙතත්, එම සිද්ධියෙන් පසුව අමරකීර්ති මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පලා ගොස් අසල පිහිටි ගොඩනැගිල්ලක සැඟව සිට ඇති අතර දහස් ගණනක සෙනග එම ගොඩනැගිල්ල වට කිරීමෙන් ඇති වූ නොසන්සුන්තාවයත් සමග ඔහු සිය රිවෝල්වරයෙන් සිය දිවි නසා ගෙන තිබෙනවා.
එමෙන්ම ඔහු සමග පැමිණි රියදුරු බවට සැලකෙන අනෙක් පුද්ගලයා ද ගෙල සිඳගෙන මිය ගිය බවට යි වාර්තා වන්නේ.