සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්න එපා – අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්
සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සඳහා සහයෝගය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදය පවසනවා.
ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කලේ, බියෙන් තොරව සාමකාමී විරෝධතාවයක නියැලීමේ නිදහස සියලු දෙනාට තිබිය යුතු බවයි.
එය ප්රජාතන්ත්රවාදයේ මූලික ලක්ෂණයක් බවත් එම හේතුවෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදු නොකළ යුතු බවත් ඇය එම නිවේදනයෙන් දන්වා සිටිනවා.