ඇමරිකානු තානාපතිනීය යාපනයට
යාපනයේ සංචාරයක නිරතව සිටින මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් ඊයේ (25) යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ දේශපාලඥයන් හමු වී තිබෙනවා.
එහිදී ඇය විසින් එම ප්‍රදේශයේ තරුණ නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් හමු වී සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඔවුන් මුහුණ පා ඇති ගැටලු හා ඊට අදාළ විසදුම් පිළිබදව කරුණු හුවමාරු කර ඇතැයි ද වාර්තා වනවා.
එමෙන්ම පවතින ආර්ථික අර්බුද හමුවේ ආයෝජන සිදු කිරීම සහ ආර්ථික ගැටලු විසදා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ව්‍යාපාරිකයින් සමග ඇමරිකානු තානාපතිනිය සාකච්ඡා පවත්වා තිබෙනවා.
මේ අතර ඇමරිකානු තානාපතිනියගේ යාපනය සංචාරය අතරතුර දී නල්ලූර් කෝවිලේ පැවති පූජාවකට ද එක්ව ඇතැයි වාර්තා වනවා.