Latest News

ඇඹිලිපිටියේ නිවසක හෙරොයින් – කාන්තාවකුත් අත්අඩංගුවට

ඇඹිලිපිටිය දෙවන පටුමග ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 38.36 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ හෙරොයින් තොගය සමග 46 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 22 හැවිරිදි පුත්‍රයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

මෙම සැකකරුවන් සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.