සුවසැරියේ ආ හෙදිය රන් මාලය සොරාගනි
රෝගි කතගේ ගෙළෙහි වූ ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලය සොරාගත් සුවසැරිය ගිලන් රථයේ පැමිණි හෙදියක් , මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශ්රාමික ආදායම් බදු කොමසාරිවරයකුගේ බිරියක මෙලෙස රෝගාතුර වී රැගෙන යාමේදී මෙම සිදුවීම වී ඇති අතර සැකකාරිය හෙළිකර ඇති තොරතුරු මත රන්මාලය ද සොයාගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතුල්කෝට්ටේ පදිංචි 29 හැවිරිදි හෙදියක්.
නුගේගොඩ පදිංචි 73 හැවිරිදි විශ්රාමික ආදායම් බදු කොමසාරිස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
රෝගී කත සුවසැරිය ගිලන් රථයෙන් රැගෙන යාමට පෙර අලුතින් ඇඳුමක් අන්දවීමට ඇය සිටි කාමරයට ගිය අවස්ථාවේ මෙම රන්මාලය සොරාගෙන ඇති බවට අනාවණය වී තිබෙනවා.