අමෙරිකාවේ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18ක් මරුට
අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකු ඇතුළුව 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ, ගුරුවරයෙකු සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙකුද ඒ අතර වන බවයි.
උවාල්ඩ් හි රොබ් ප්‍රාථමික පාසලේ අදාළ වෙඩි තැබීම සිදුව තිබෙනවා.
වෙඩි තැබීම හේතුවෙන් මියගිය සිසුන් වයස අවුරුදු 07 ත් 10 ත් අතර වියෙහි පසුවන්නන් බවයි අමෙරිකා වාර්තාවල දැක්වෙන්නේ.
සැල්වදෝර් රමෝස් නමැති 18 හැවිරිදි තරුණයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් ආරක්ෂක අංශයන් වල වෙඩි ප්‍රහාරය හමුවේ සැකකරුද මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙය කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න තහවුරු කරගැනීමට අමෙරිකානු බළධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.