Latest News

හෙදියන් 3000ක් ඉල්ලූ අමෙරිකාවට වසර 7ටම යවා ඇත්තේ හෙදියන් දෙදෙනයි

අමෙරිකානු ශ්‍රම බඳවා ගැනීමේ ආයතනයක් හරහා මෙරට හෙද හෙදියන් 3000ක් පමණ රැකියාවලට යැවීම සඳහා ගිවිසුම්ගත වී තිබුණ ද වසර 7ක් තිස්සේ මෙම ගිවිසුම හරහා ගොස් ඇත්තේ, හෙදියන් දෙදෙනෙකු බව රාජ්‍ය ගිණුම්කාරක සභාවේ දී අනාවරණ වී තිබෙනවා.

මේ වනවිට විශාල පිරිසක් විදේශ ගත වීමේ අවශ්‍යතාවයෙන් පසුවන තත්ත්වයක් තුල වසරකට උපරිම වශයෙන් හෙදියන් එම ගිවිසුම අනුව යැවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන ලෙස සෞඛ්‍ය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශවලට උපදෙස්ලබා දී තිබෙනවා.

ඒ පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රාජ්‍ය ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී යි.