වෙඩි වැදී මියගිය ගුරුවරියගේ ස්වාමියා හෘදයාබාධයකින් මියයයි
අමෙරිකාවේ ටෙක්සාස් හි ප්‍රාථමික පාසලක ඉකුත් අඟහරුවාදා සිදුවූ වෙඩි තැබීමකින් මියගිය ගුරුවරියකගේ ස්වාමි පුරුෂයා හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉර්මා ගාර්සියා නම් එම ගුරුවරියගේ ස්වාමි පුරුෂයා වන ජෝ ගාර්සියා සිය බිරිඳගේ මරණයෙන් පසු දැඩි සිත් තැවුලකින් පසුවූ බව ඔවුන්ගේ ඥාති පුත්‍රයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, “ඔහුගේ හදවත පැලෙන්න ඇති.ඔහු නැන්දාට හරිම ආදරෙයි.” යනුවෙනියි.
මොවුන් දෙදෙනා මීට වසර 24ට පෙර විවාහ වී ඇති අතර ඔවුන්ට දරුවන් සිව්දෙනකු සිටිනවා.
එම පවුලේ බාලම දරුවාගේ වයස අවුරුදු 12ක් බව වාර්තා වනවා.
අදාළ ගුරුවරිය වසර 23ක් පමණ කාලයක් රොබ් ප්‍රාථමික පාසලේ ඉගැන්වීම් කටයුතු කර තිබෙනවා.
කෙසේවෙතත් පසුගිය දා සිදුවූ සිදුවීමෙන් ඉර්මා හා තවත් ගුරුවරියක් ඇතුළු කුඩා ළමුන් 19 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබුණා.