රුසියානු බොරතෙල් වලට පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපායි – ජුලී චන්ග්
රුසියානු බොරතෙල් සඳහා අමෙරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළා.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව ලබා දී ඇති සහය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම හමුව පැවැත්වුණා.
මෙහිදී ජුලී චන්ග් සඳහන් කලේ, ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් සමග රාජතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි අමෙරිකාව උපදෙස් ලබා නොදෙන බවත් එය ශ්‍රී ලංකා රජයේ තීරණය කළයුතු බවත්ය.
යුක්රේන – රුසියාව යුද්ධය හේතුවෙන් අමෙරිකාව රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇතත් එය තුන්වෙනි පාර්ශ්වයකට බල නොපාන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.